ඔබට උසස් තත්වයේ බිල් පොත් සහ රබර් මුද්‍රා සැපයීමට අපි මහන්සි වන්නෙමු…!
සිළුමිණ ප්‍රින්ටර්ස් (පුද්) සමාගම නම් වන අප ආයතනය 2006 වසරේ සිට රබර් මුද්‍රා සකස් කිරීමේ සහ සියලුම මුද්‍රණ කටයුතුවල නියුතුව සිටින ආයතනයකි. වසර ගණනාවක් පුරා විවිධ රාජ්‍ය ආයතන, රාජ්‍ය හා පෞද්ගලික බැංකු, මූල්‍ය ආයතන සහ වෙනත් ව්‍යාපාරික ආයතනවල රබර් මුද්‍රා සහ විවිධ මුද්‍රණ කටයුතු සිදු කරමින් පාරිභෝගික විශ්වාසය ඉතාමත් ඉහළින් දිනා සිටින්නෙමු.
අපගේ සේවය තව දුරටත් ව්‍යාප්ත කිරීමේ අරමුණින් හා අඩුම මිල ගණන් යටතේ තත්වයෙන් ඉතාමත් උසස් තත්වයේ රබර් මුද්‍රා සහ මුද්‍රිත ද්‍රව්‍ය ඔබ වෙතට සැපයීමේ අරමුණ ඇතිව මෙම අන්තර්ජාල අලෙවිසල ඔබ වෙත ඉදිරිපත් කර ඇත.
අප ආයතනය කුරුණෑගල නගර මධ්‍යයේ බස් නැවතුම්පොළ ඉදිරිපිට බෝධිරාජ මාවතේ පිහිටා ඇති අතර, පැමිණීමේ අපහසුතාවයන් පවතී නම් ඔබගේ ඇණවුම ඊමේල් මගින්, වට්ස්ඇප් හෝ වයිබර් තාක්ෂණය ඔස්සේ අප වෙත ලබා දිය හැකි අතර, සකස් කරනු ලබන රබර් මුද්‍රා තැපැල් මාර්ගයෙන් හෝ කූරියර් සේවාව මගින් ඔබ ආයතනය වෙතට ම සැපයීමට අප සූදානමින් සිටිමු.
අප විසින් සකස් කරනු ලබන සෑම මුද්‍රාවක් සඳහාම වසරක පූර්ණ වගකීමක් ලබා දෙන අතර ඔබට පහසු පරිදි ඔබගේ ඇණවුම අප වෙත යොමු කළ හැකි බවද සතුටින් දන්වා සිටිමු.
Adderss
#08, 1st Floor, YMBA City Center,
Bodhiraja Mawatha, Kurunegala.
Call Us
0707 299 411
0777 299 411
Email Us
siluminap@gmail.com
uthmax@gmail.com
